එයා රත්තරං මනුස්සයෙක් අපි හරි සතුටින් හිටියා ඇයි දෙවියනේ අපිට මෙහෙම වුණේ, ඇල්ලෙන් ඇහෙන තවත් ඛේදවාචකයක්

Accident Death Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Kaushi Sep 05, 2025 12:10 PM GMT
Kaushi

Kaushi

Report

රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට සම්බන්ධ තවත් හද කම්පා කරවන පුවතක් බෙලිඅත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මෙම මාරක අනතුරින් සැමියා අහිමි වූ ගැබිනි බිරිඳක් සම්බන්ධයෙන්.

ඇයට මෙසේ තම සැමියා අහිමිව ඇත්තේ විවාහයෙන් මාස දෙකක් වැනි කාලයකින්. ඉනෝකා නාගිරිය වන ඇයද සේවය කරන්නේ තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ බව වාර්තා වේ.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

ඇය පවසා තිබුණේ,

“ මම අසනීපයෙන් සිටි නිසා මේ විනෝද චාරිකාවට සම්බන්ධ වුණේ නැහැ. මහත්තයා ගියේ හැමෝම ගිය නිසා. එයා හරිම හොද කෙනෙක්.. රත්තරං මනුස්සයෙක්..කවදාවත් මගේ හිත රිදෙන විදිහේ වචනයක්වත් කතා කරල නැහැ. අපි හරි සතුටින් හිටියා. ඇයි දෙවියනේ අපිට මෙහෙම වුණේ. “ යනුවෙන්.

අනතුරින් දිවි අහිමි වූ ඉනෝකාගේ ස්වාම් පුරුෂයා නාමල් රුවන්ත. ඔහු තංගල්ල නගර සභාවේ රියැදුරු රැකියාව කර ඇත.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

“මහත්තයා මට අන්තිමට කතා කළේ රාවණා ඇල්ල අසලදී. ඉතින් මම හිතුවා තවත් පැය දෙකකින් විතර එයා ගෙදර ඒ්වී කියලා. ඒ්ත් ආවේ නැහැ. ඒ් නිසා මම එයාට කීප අවස්ථාවක් කෝල් කළා. ඒ්ත් ෆෝන් එක වැඩ කළේ නැහැ. අන්තිමට අනිත් අයටත් මම ගත්තා. ඊට පස්සේ තමයි අනතුරක් වෙලා කියල නිවුස් එකකින් දැන ගත්තේ.. අනේ මම කොහොමද මේ දුක දරාගන්නේ..” 

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න