ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව සඳහන් කර ඇත්තේ ළිං වැනි අඳුරු, සංවෘත අවකාශවල, විශේෂයෙන් දිගු කලක් හිරු එළියට නිරාවරණය නොවූ, එකතැන පල්වෙන රොන් මඩ ජලය අඩංගු ස්ථානවල මීතේන් වැනි විෂ වායු පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.
එසේම පොලිසිය අවධාරණය කරන්නේ බලධාරීන්ගේ නිසි පරීක්ෂාවකින් තොරව හෝ ආරක්ෂක ප්‍රොටෝකෝල භාවිත නොකර මෙවැනි ස්ථානවලට ඇතුළුවීම මාරාන්තික විය හැකි බවයි.
කෙසේ වෙතත් අඳාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ බලන්ගොඩ, මුල්ගම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු 2025 සැප්තැම්බර් 04 වන දින කල්තොට පොලිස් වසමේ ගල්ටම්යාය ප්‍රදේශයේ නිවසක දිගු කලක් මුද්‍රා තබා තිබූ ළිඳකට වැටී මිය යාමත් සමඟ බව වාර්තා වේ.
එම පුද්ගලයා මිතුරන් දෙදෙනෙකු සමඟ එම ළිඳ පිරිසිදු කිරීමට පැමිණ ඇති අතර ජලය ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳේ පතුලේ රොන් මඩ ඉවත් කිරීමට ඇතුළු වූ ඔහු සිහිසුන් වී වැටී ඇති තිබෙනවා.
අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව මෙවැනි සිදුවීම් මෙරට ළිං හා සංවෘත අවකාශවල ආරක්ෂිත පියවර නොමැතිව ඇතුළුවීමේ අනතුරුදායක බව දක්වයි.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න
මින් පෙරද 2024 ජනවාරි මාසයේදීද බලන්ගොඩ ප්‍රදේශයේ ළිඳක පිරිසිදු කිරීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු මීතේන් වායුවට හසුවී මිය ගිය අතර, එම සිදුවීමෙන් පසුවද පොලිසිය මීට සමාන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බවත් සඳහන්.
