වසර 27කට පසු එංගලන්තයට විරුද්ධව දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

Cricket South Africa National Cricket Team South Africa England Sinhala news
By Kaushi Sep 05, 2025 10:34 AM GMT
Kaushi

Kaushi

Report

සත්කාරක එංගලන්ත කණ්ඩායමට විරුද්ධව දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 5ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් ව ඇත.

ඒ අනුව මෙම ජයත් සමග තරග 2-0ක් වශයෙන් දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගත් අතර, ඒ සමග ඔවුන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගෙන තිබෙනවා.

ඊයේ (4) දින ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 330ක් රැස් කර ගත්තා.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

ඒ අනුව ලකුණු 331ක ඉලක්කයක් හඹා යෑමට එංගලන්තයට සිදු වුවද පන්දුවාර 50 තුළදී ඔවුන්ට රැස්කළ හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 325ක් පමණයි.

කෙසේ වෙතත් මෙය වසර 27කට පසු එංගලන්තයට විරුද්ධව දකුණු අප්‍රිකාව එරටදී එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්ව තිබීම විශේෂත්වයක්.

එසේම ඔවුන් අවසන්වරට එංගලන්තයේ දී එක්දින තරගාවලියක් ජයගෙන තිබුණේ 1998 වසරේදීයි.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න