මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

Hospitals in Sri Lanka Accident Death Latest Headlines Sinhala news
By Kaushi Sep 05, 2025 09:39 AM GMT
Kaushi

Kaushi

Report

මේ වන විට මුළු රටම කම්පා කරමින් ජීවිත 15 ක් බිලි ගත් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක අනතුර පිළිබඳ විවිධ තොරතුරු ලැබෙමින් පවතී.

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් රැගත් විනෝද චාරිකාවක යමින් තිබු පෞද්ගලික වන්දනා බසයක් මෙසේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී ඊයේ (4) දින රාත්‍රීයේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ජිප් රථයකද ගැටී මාර්ගයෙන් ඉවතට පැන අඩි දහසක පමණ රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළි තිබුණා.

ඒ අනුව පුද්ගලයන් 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදු කරමින් සිදු වූ මෙම විනෝද චාරිකා බස් රථ අනතුරින් අනූනවයෙන් දිවි බේරා ගෙන සුලු තුවාල ලැබු කාන්තාවක් මෙසේ එම බිහිසුණු අනතුර විස්තර කර සිටියා.

ඒ මෙම විනෝද චාරිකාව සංවිධානය කළ බෙලිඅත්ත කුඩාහිලල පදිංචි තංගල්ල නගර සභාවේ කලමණාකරන සේවා නිළධාරිනියක වශයෙන් සේවය කරන ඉශාරා මධුශානි මුනසිංහ (35) මහත්මියයි.

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

මේ වන විට බදුල්ල ශික්ෂන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන ඉශාර මහත්මිය තම බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළා.

" මම විවාහකයි. දරුවන් තිදෙනෙක සිටිනවා අපි තංගල්ල නගර සභාවේ සේවක පිරිස ඔවුන්ගේ පවුල් වල අය සමග එක්ව නුවරඑළිය විනෝද චාරිකාවක යන්න විනෝද චාරිකා ගමනක් මම සුදානම් කළා. ඒ අනුව අපි නගර සභාවේ සේවක පිරිස හා ඔවුන්ගේ පවුල්වල අය එක්වී 31ක් පමණ පිරිසක් මෙම ගමනට එකතු වුණා. අපි ඊයේ (4) උදේ පාන්දර 3.30ට පමණ තංගල්ල සිට නුවරඑළිය විනෝද චාරිකාව යන්න පිටත් වුනා. උදේ ඇල්ල රාවණා ඇල්ලට ඇවිත් ආයි උදේ කෑම කාලා රාවණාදිය ඇල්ල නරඹා පසුව නුවරඑළිය යන්න පිටත් වුනා. හපුතලේට ගිය අපි එඩිසන් ඓතිහාසික බංගලාව බලලා විනෝද වෙලා හැමෝම සතුටින් ඡායාරූප ගත්තා. ඉන්පසුව බෝබුරුදිය ඇල්ල නරඹා නාලා පසුව නුවරඑළිය ගියා. එහි වික්ටෝරියා පාක් එකටත් ගියා පසුව එන ගමන් සීතා එලිය කෝවිලටත් ගියා පසුව අපි වැලිමඩ, බණ්ඩාරවෙල කුඹල්වෙල ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ යලි තංගල්ල බලා ගමන් කරමින් හිටියේ මේවන විට රැවෙලා තිබුනේ මම බස් රථයයේ ඉදිරි දොර ටුව අසල වම් පැත්තේ තුන්වන ආසන පෙලේ වාඩි වී සිටියේ, ගමන් මහන්සිය විඩාව නිසා බස් රථයේ සිටි අනික් පිරිස සිංදු කියමින් නටමින් හරිම විනෝදයෙන් බස් එකේ ආවේ. මෙහෙම බස් රථය ඇල්ල නගරය පසු කර රාවණා දිය ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී බසයේ රියැදුරු මහතා සහයක මල්ලිට කිසියම් දෙයක් කීවා පසුව සහයක මල්ලි බස් එක ඇතුලේ සිටි සේරම අයට ඇහෙන්න හයියෙන් කිව්වා බස් එක බ්‍රේක් ඩවුන් වෙලා තියෙන්නේ ඔක්කොම අය හයියෙන් අල්ලාගෙන පාත්වෙන්න කියලා. ඒ සමගම බස් එක ඉස්සරහින් ආපු ජිප් රථයක ගැටිලා මාර්ගය අයිනේ සවිකර තිබෙන ආරක්ශිත යකඩ වැටේ දඩාං දඩාං ගාලා විශාල ශබ්දයක් නගිමින් දෙවරක් හැප්පිලා එක්වරම රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගියා. එවිට බස් එකේ සිටි අය හයියෙන් කෑගැසුවා. බස් රථයේ වීදුරුවක් කැඩී ගැල්වී ගොස් මාව එළියට විසිවී ප්‍රපාතයේ පදුරක් මතට වැටුනා. ඒ සමගම කලුවරේ පහලට පෙරළි ආ ගල් කීපයක් මගේ ඔළුවේ වැදුනා පසුව හදඑලිය සමග මම දැක්කා මම අසලින් පොඩි බබෙක්, සදානා, නිලුකා මිස්ලා වැටිලා කෙදිරි ගාමින් උදව් ඉල්ලා කෑගසනවා. අපි ආපු බස් එක පේන්න තිබුනේ නෑ. මොනවා වුණාද කියා හිතා යන්න බැරිව හිටියේ. ටික වේලාවකට පසුව ප්‍රපාතයට බැහැපු අය අමාරුවෙන් අපිව උඩ පාරට අරගෙන ගිහින් ගිලන් රථ වල දමාගෙන බදුල්ල රෝහලට අරගෙන ගියා. මේක හරියට හීනයක් වගේ. මොනවාත් හිතන්න වෙලාවක් අපිට තිබුනේ නෑ. පසුව දැනගන්නට ලැබුනා අපි සමග එකට ආපු කිහිප දෙනෙක් මිය ගිය බව"

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

එසේම මෙම බිහිසුණ මාරක බස් රථ අනතුර සිදුවන විට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර සිට බදුල්ල බලා සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී අඳාළ අනතුර සියැසින් දුටු අයෙක් මෙසේ පවසා තිබුණා.

"මම බදුල්ලේ එන්න මාකුඹුර සිට සවස 6.00ට අධිවේගී මාර්ගය ඔස්සේ බදුල්ල එන බස් එකට නැග්ගා. බස් රථය රාවණා දිය ඇල්ල පසු කර ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී එක්වරම 15 කනුව ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ ජිප් රථයක ගැටීමෙන් පසුව වංගු සහිත ස්ථානයේ මාර්ගය අසල සවිකර තිබු ආරක්ශිත යකඩ වැටක ගැටී බස් රථය රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගිහින් තිබුණා. බස් රථයේ පැමිණි උදවිය කෑගසන හඬ අපිට ඇසුනා. පසුව යුධ හමුදා නිළධාරින් පොලිස් නිළධාරින් අවට ගම්වාසීන් විශාල පිරිසක් එක්වී ප්‍රපාතයට වැටි සිටි තුවාලකරුවන් උඩට ගෙන ගිලන් රථ වල දමා ගෙන රෝහලට රැගෙන ගියා. " 

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න