කුණුවලට බද්දක්.. කිලෝවට අය කරන ගණන මෙන්න..

By Sewvandhi Nov 01, 2021 09:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 වසරේ දී තම ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පවසයි.

2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බව සභාපතිවරයා පවසයි.

ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් විසින් ඝන අපද්‍රව්‍ය සහ කැලි කසළ ඉවත් කරනු ලැබුවද ඇතැම් ව්‍යාපාරිකයන් ඉතා සුක්ෂම ලෙස වෙළඳසැල් වල බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය සහ කැළි කසල පරිසරයට මුදා හරී.

එම නිසා 2022 වසරේ සිට තම බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් බැහැර කරන කැලි කසළ සදහා කිලෝවට රු 3 සිට 5 දක්වා මුදලක් අය කරනු ලබන බව ඔහු පවසයි.

සැම වෙලදසැලකින්ම තම ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් වෙත ලබාදෙන කැලි කසල කිරා ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතු බවත්, එම මුදල මාසිකව තම ප්‍රාදේශිය සභාව වෙත ගෙවිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now