මේ වෙනකොට මගේ ඇගේ ටැටු 12ක් විතර තියෙනවා-කාවින්ද්‍යා අධිකාරි(PHOTOS)
මව් පිය උරුමයෙන් ලද ආභාෂයත් සමග මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රය තුල සාර්ථක ගමනක් යන කෙනෙක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ. ගායිකාවකට අමතරව ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්ද වෙනවා.
තමන්ටම කියලා කියල අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ක්ෂේත්‍රය තුළින් ඉහළට යන්න උත්සාහ දරන ඇය මවගේ කලායතනයේ වැඩ වලට මේ දින වල වැඩිපුර කාලයක් වෙන් කරලා තියෙනවා.
ඝරසරප සිනමා නිර්මාණය සහ සක්කාරං වලට පසුව ඇයව රංගනය තුල වැඩිය දකින්න ලැබුනේ නෑ.ඒ පිලිබදව ඇය කියන්නේ මේ වගේ කතාවක්. “වෙළද දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි බජට් ප්‍රශ්න නිසා ඒවා බාරගත්තේ නැහැ. මෑතකදී රංගනයට වෙනත් ආරාධනා ලැබුණේ නම් නැහැ. මම ටට්ටූ ගහන නිසා ඒකත් රංගනයට ප්‍රශ්නයක් වෙලා ඇති සමහරවිට.”
ටැටූ ගහන එක විලාසිතාවක් වගේම විනෝදාංශයක් කරගෙන ඉන්න කවිට ඒ ගැන තියෙන්නේ මේ වගේ අදහසක්.“මගේ ඇඟේ මේ වෙනකොට ටැටූ 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුවෙ 2013 දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටු ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටු එකකටම තේරුමක් තියෙනවා ඒක කලාවක්.”
ඒ වගේම කාවින්ද්‍යා කියන්නේ හැම වෙලාවෙම අද දවසෙ ජීවත් වෙන්න උත්සාහ කරන, අද දවස පුළුවන් උපරිමයෙන් විඳින්න කැමති කෙනෙක්.
ඒ වගේම ආදරය කරන්න කලින් හැමදේම ගැන හොඳට හිතන්න ඕනේ කියන කාවින්ද්‍යා ඇය සමහරක් විට කසාද බඳින්නත් පුළුවන් කසාද නොබැඳ ඉන්න පුළුවන් කියලා සදහන් කරලා තියෙනවා. ඉතින් ඇගේ ඉදිරි අනාගතයට අපි සුභ පැතුම් එකතු කරමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |





