ටැන්සානියාගේ 700ක් මරුට රටපුරා ඇදිරි නීතිය

Report

ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසා ඇත.

මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති බවත් ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවත් වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් 29වනදා පැවති ටැන්සානියාවේ ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනාකරමින් මෙම විරෝධතා ආරම්භ වී ඇත.

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බව විරෝධතාකරුවන් පවසන නමුත් නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මේ වනවිට ටැන්සානියාවට ඇඳිරි නීතිය පනවා ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය, කැනඩාව සහ නෝර්වේ විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් උපරිම සංයමයකින් ක්‍රියාකරන ලෙස සහ ප්‍රකාශනයේ නිදහසට ගරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් වෙයිද ?

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් වෙයිද ?