මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්
වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමට අවස්ථාව ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ධීවරයින්ට අද (13) පස්වරුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබේ සත්‍යග්‍රහය අද 09වැනි දිනටත් ක්‍රියාත්මකය.
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 5 වැනිදාය.
වර්ෂාව මධ්‍යයේ ඊයේ රාත්‍රියෙත් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැය පහන් කර තිබුණි .
තවද එම අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ද එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තා වෙයි.
ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරින් සමග මාදැල් ධීවරයින් සාකච්ඡා කළද ඒ සියල්ල විසඳුමකින් තොරව අවසන්වීම මත සත්‍යග්‍රහය අඛණ්ඩව අද 09 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මා දැල් ධීවරයින්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වී තිබේ.