ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..(විදෙස්)

By Sewvandhi Sep 18, 2022 08:28 AM GMT
Report

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රික්ටර් මාපකය 6.8ක භූ කම්පනයක් හට ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශය අවට කුඩා ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බවය.

ඒ හේතුවෙන් ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුනාමි මුහුදු රළ මීටරයක් පමණ උසට එසවිය හැකි බවත් එම නිසා ප්‍රදේශයේ ජනතාවට උස් බිම්වලට ගොස් ආරක්ෂාකරි ලෙස සිටින ලෙස දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, එම භූ කම්පනය රික්ටර් මාපකය 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත බවය. එම භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු ව ඇති බවද අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now