ඉතාමත් සුබ ආරංචියක්..covid වලට බොහෝ සාර්ථක කරලක්..!!!

America covid19 medicine tablet
By Sewvandhi Oct 02, 2021 03:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම්, අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති මෙය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබා දී තිබෙනවා.

පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයෙන් පසු රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ ‌පෙන්වා ඇත්තේ සියයට 7.3 කට පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

මේ වනවිටත් මෙම කරල් විශේෂය හදිසි භාවිතය සඳහා අයදුම් කර ඇති බව නිෂ්පාදන සමාගම පවසනවා. ෆයිසර් සමාගම ඇතුලු ආයතන කිහිපයක්ද මේ වනවිටත් කරල් නිපදවීම ආරම්භ කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රථීඵලයක් අත්කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 48 ඉක්මවා තිබෙනවා. එය දැක්වුණේ 4,805,097ක් ලෙසයි. ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 235,039,655ක් ලෙස සටහන් වනවා.

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් යළි ඇමරිකාවෙන් වාර්තා වුණා. මරණ 1820ක් සහ ආසාදිතයින් 120,580ක් එරටින් වාර්තා වී තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now