කොවිඩ්-19 වයිරසය අඩපණ කිරීමට ඇමෙරිකාවෙන් බෙහෙත් කරලක්

sri lanka Merck amriken
By Sithumi Nov 04, 2021 04:13 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් 19′ වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘මොනුපියර්වියර්’ නමැති බෙහෙත් කරලට පළමු අනුමැතිය හිමව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව, ‘මොනුපියර්වියර් සඳහා අනුමැතිය පළමුවෙන්ම හිමිව ඇත්තේ මහා බ්‍රිතාන්‍යයෙනි. 

‘මොනුපියර්වියර්’ වයිරස නාශක ඖෂධයක් වන අතර, ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව, වෛද්‍ය නිර්දේශ මත ‘මොනුපියර්වියර්’ නිවසේ සිට භාවිතයට ගැනීම කළ හැකි බවත්, එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවත් ‘මර්ක්’ සමාගම පෙන්වා දී ඇත. 

 ‘මොනුපියර්වියර්’ ඖෂධය භාවිතයට ගැනීමේ දී ‘කොවිඩ් 19’ රෝගීන්ට රෝහල්ගතවීමට සිදුනොවන අතර, මරණයට පත්වීමද අවම වන බව සියලුම සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇති බව ‘මර්ක්’ සමාගම පැහැදිලි කර තිබේ. සායනික පර්යේෂණවලදී ‘කොවිඩ් 19’ රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට ‘මොල්නුපියවියර්’ ලබා දීම සිදු කළ බව ද ‘මර්ක්’ සමාගම පවසා ඇත. 

 ‘මර්ක්’ යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය. ‘මර්ක්’ සමාගමේ ආරම්භය 1891 දීය. එය ස්වාධීන සමාගමක් බවට පත් වූයේ 1917 වසරේදීය. මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය. 

 ‘මොනුපියර්වියර්’ හදිසි භාවිතයට සුදුසු යැයි අවසර ඉල්ලමින් ‘මර්ක්’ සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇත. 

ඊට අමතරව, ‘මොනුපියර්වියර්’ කරල ගැන පැහැදීමෙන් මහා බ්‍රිතාන්‍යය ඇතුළු ලොව ප්‍රබල පෙළේ රටවල් රැසක් ‘මර්ක්’ සමාගමෙන් එම සායනික වාර්තා ලබාගෙන ඒවා අධ්‍යයනය කර කළ බව ද පැවැසෙයි. මහා බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය ‘මොනුපියර්වියර්’ භාවිතයට සුදුසු යැයි අනුමත කළේ ඒ අනුවය. 

ඇමෙරිකන් ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තවමත් ‘මොනුපියර්වියර්’ කරලට අනුමැතිය දී නැත්තේ, ඒ ගැන සායනික වාර්තා අධ්‍යයනය කරමින් පවතින බැවින් වන බව පැවසේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු සැණින් ‘මොනුපියර්වියර්’ ඇණවුම් කිරීමට රටවල් රැසක් මේ වනවිටත් සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now