සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා මෙම අවස්ථාවේදී බලශක්තිය කාර්යක්ෂම සහ ක්‍රමානුකූලව කළමනාකරණය කරගනිමින් භාවිත කළ යුතු බව සදහන් කර තිබේ.

මෙම අවස්ථාවේදී සවස 5 සිට අලුයම දක්වා පොසිල ඉන්ධන භාවිත කර බලශක්තිය උත්පාදනය කිරීමට සිදුවන එතුමා සදහන් කරයි.

ඒ වගේම ජනතාවගේ දායකත්වයද මේ මොහොතේ ලැබිය යුතු බවත් එතුමා පෙන්වා දෙන ලදි .

තවද ඔහු පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බව ප්‍රකාශ කර තිබේ .

පොසිල ඉන්ධන දහනයෙන් විදුලිය උත්පාදනයේදී විශාල මිලක් දැරිය යුතු බවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් විදුලිය කළමනාකරණය කර ගැනීම තුළ ජනතාවගේ විදුලි බිල අඩු වීම මෙන්ම පොසිල ඉන්ධන දහනයද අවම කර ගත හැකි බවද සභාපතිවරයා පෙන්වා දී තිබේ.

මාලිමා ලොක්කෙකු වාහන අනතුරකට - වාහනේ තාප්පේ කඩාගෙන ගිහින් බරපතල හානි

මාලිමා ලොක්කෙකු වාහන අනතුරකට - වාහනේ තාප්පේ කඩාගෙන ගිහින් බරපතල හානි

බලශක්ති කාර්යක්ෂම කිරීමේ උපාංග වෙත මහජනතාව යොමුවිය යුතු බවත් මේ වන විට සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලේබල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත්   එතුමා සදහන් කරයි.

ඒ වගේම LED බල්බ, ශීතකරණ යන්ත්‍ර, වායුසමනය යන්ත්‍ර මිලදී ගැනීමේදී මෙවැනි උපාංගවලට යාමෙන් බලශක්ති කාර්යක්ෂම කර ගැනීමේ හැකියාවද පවතින බව   සභාපතිවරයා පෙන්වා දී තිබේ.

ඒ වගේම ඔහු පෙන්වා දුන්නේ මෙ ට තුළට බලශක්ති අකාර්යක්ෂම උපාංග ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති සකස් වෙමින් තිබෙන බවයි .

කෙටි කාලීනව බලශක්තිය කාර්යක්ෂම කිරීම සඳහාද රජය විසින් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇතැයිද සඳහන් සභාපතිවරයා පෙන්වා දී තිබේ තවද පවතින තත්ත්ත්වය තුළ මේ වන විට රට තුළට බොරතෙල් ලැබීමේ අඩුවක් පවතින බවත් මේ හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා ඩීසල් භාවිත කරන බවත් ඔහු පෙන්වා දී තිබේ.

 තවද ඔහු පෙන්වා දුන්නේ න් විදුලි උත්පාදනය සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන බවයි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා මේ සම්බන්ධව වැඩි දුරටත් සදහන් කර ඇත්තේ දහවල් කාලයේදී සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය වන බැවින් අත්‍යවශ්‍ය කටයුතු රැසක් ජනතාවට කාලය වෙනස් කරගනිමින් දිවා කාලයේදී සිදු කිරීමට හැකියාව පවත්න්නේ නම් විදුලිය උත්පාදනයට යන වියදම අවම කර ගත හැකියාව මෙන්ම ජනතාවගේ විදුලි බල අඩු කර ගැනීමේ හැකියාව පවතින බවයි