සයිනොෆාම් පළමු මාත්‍රාව ගත් ජනතාවට විශේෂ දැනුම්දීමක්..
සිනොවැක් සහ සයිනොෆාම් වැනි අක්‍රීය කරන ලද එන්නත් තුළින් ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා ගත් මෙරට ජනතාව අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව ලබාගත යුතු බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, "චීන සයිනොෆාම් සමාගම අපිට දන්වලා තියෙනවා එළඹෙන සතිය තුළ තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට ලබාදෙනවා කියලා.
එවිට අපි තවත් දිස්ත්‍රික්ක12ක එන්නත්කරණ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනවා.
ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික්, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් පළවෙනි මාත්‍රාව ලබා ගත්තත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා.
හැබැයි සිනොවැක් සහ සයිනොෆාම් වගේ අක්‍රීය කරන ලද එන්නත් තුළින් ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ දෙවන මාත්‍රාව ලබා ගත්තට පස්සේ.
ඒක නිසා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව ලබාගත යුතුමයි.
" ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කරන ලද, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබීය.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, රජය විසින් ඇනවුම් කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙම එන්නත් තොගය අද දිනයේ හිමි වූ බවය.
එම තොගය සහ මීට පෙර අවස්ථා 2කදී චීන ආධාර ලෙස ලබාදුන් එන්නත් මාත්‍රා ලක්ෂ 11ද සමගින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 21කි.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ලබන සතියේ ඇනවුම් කිරීමට නියමිතය.
එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉන්දීය ආධාර ලෙස මෙරටට හිමි වූ අතර තවත් මාත්‍රා ලක්ෂ 5ක් රජය විසින් මිලදී ගනු ලැබීය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා 264,000ක් හිමි වුණි.
ඒ අනුව දිවයිනට රැගෙන ආ සමස්ත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ගණන 1,264,000කි.
මේ අතර ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000ක් අවස්ථා දෙකකදී රජය විසින් මිලදී ගනු ලැබූ අතර, තවත් එන්නත් මාත්‍රා 65,000ක් ලබන සතියේදී මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව මේ වනවිට මෙරටට රැගෙනවිත් ඇති සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ගණන 3,329,000 කි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 1,920,801 දෙනෙකුට ඊයේ රාත්‍රිය වනවිට ලබා දී තිබු අතර, දෙවැනි මාත්‍රාව ලබා දී ඇති පිරිස 353,894 කි.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනේදී වැඩිහිටි පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |