ගල්කිස්සේ සැකකටයුතු මරණයක්

Report

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට ගල්කිස්ස පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

තවද මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ වගේම අදාළ පුද්ගලයා නිවසේ තනිවම පදිංචිව සිටි ඇති අතර ඔහුගේ ගෙල ප්‍රදේශයේ කුඩා කැපුම් පහරක් ද ඇති බවට නිරීක්ෂණය වී තිබේ .

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.