ඉන්දියාවේ තෙල් සංචිත UAE වලට.. ෆුජයිරා බොරතෙල් ගබඩාව ගැන මෝදි ගැසූ සුපිරි ගිවිසුම

Report
Courtesy: Reuters

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගල්ෆ් රාජ්‍ය සංචාරයේ කොටසක් ලෙස ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආරක්ෂක, බලශක්ති සහ නාවික ක්ෂේත්‍ර ආවරණය කරන ගිවිසුම් රැසක් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුම් ඊයේ (16) අබුඩාබි නුවරදී පැවති හමුවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් අතර අත්සන් කර ඇත.

අදාළ ගිවිසුම් මගින් ආරක්ෂක කාර්මික සහයෝගීතාව, නවෝත්පාදන හා උසස් තාක්ෂණය, පුහුණුව, අභ්‍යාස, සමුද්‍ර ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආරක්ෂිත සන්නිවේදනය සහ තොරතුරු හුවමාරුව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට නියමිතය.

ඉන්දියාවේ තෙල් සංචිත UAE වලට.. ෆුජයිරා බොරතෙල් ගබඩාව ගැන මෝදි ගැසූ සුපිරි ගිවිසුම | Modi S Fujairah Crude Oil Deal With Uae

එහි ප්‍රධාන කොටසක් ලෙස උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත සහ ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) සැපයුම සම්බන්ධ කරුණුද ඇතුළත් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා ප්‍රදේශයේ බොරතෙල් ගබඩා කිරීමේ හැකියාව ඉන්දියාවේ උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත ව්‍යුහයට එක්කර ගැනීම පිළිබඳ අවබෝධතාද එහි සඳහන් වේ.

මෙම ගිවිසුම් අත්සන් වීම සිදුව ඇත්තේ, ෆුජයිරා ප්‍රදේශයේ තෙල් පහසුකමක් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකට ලක්වූ බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයට චෝදනා කරමින් පසුබිම්ව පවතින ආරක්ෂක ආතතියක්ද සමගය. 

මිලියන 656ක් වැරදීමකින් බෙදූ මහජන බැංකුව - සල්ලි ආපසු ගන්නා මෙහෙයුම මෙන්න

මිලියන 656ක් වැරදීමකින් බෙදූ මහජන බැංකුව - සල්ලි ආපසු ගන්නා මෙහෙයුම මෙන්න