වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්
වාහන ආනයන බදු සඳහා තාවකාලිකව 50%ක අධිභාරයක් පැනවීමට රජය ගත් තීරණයට හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහාය පළ කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, වර්ධනය වන ගෝලීය අවිනිශ්චිතතාවය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා මෙය 'දූරදර්ශී සහ කාලෝචිත පියවරක්' බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, පවතින ජාත්‍යන්තර ගැටුම් සහ භූ-දේශපාලනික අස්ථාවරතා හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන කුඩා ආර්ථිකයන් මත පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු - අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නෑ - නි. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
එමෙන්ම, 2026 මැයි 15 වන දිනට හෝ ඊට පෙර විවෘත කර ඇති ණයවර ලිපි (LC) නිදහස් කිරීමට රජය ගත් තීරණයද ඔහු සාදරයෙන් පිළිගෙන ඇති අතර, එය ආනයනකරුවන්ට ඇතිවිය හැකි පරිපාලන බර සහ සංකූලතා වළක්වන 'බුද්ධිමත් හා සාධාරණ ආරක්ෂාවක්' ලෙසද හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය බලශක්ති මිල, වෙළඳ මාර්ග, සංචාරක ව්‍යාපාරය, ආයෝජක විශ්වාසය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි බාහිර සාධක මත බලපාන බවද ඔහු අවධාරණය කර තිබේ.
යුද්ධ සහ භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් කුඩා ආර්ථිකයන්ට අසමානුපාතික පීඩනයක් එල්ල වන බවත්, එවැනි තත්ත්වවලදී සාමකාමී සාකච්ඡා හා රාජ්‍යතාන්ත්‍රික විසඳුම් ප්‍රවර්ධනය කිරීම වැදගත් බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
The Government’s decision to impose a 50% surcharge on the import of vehicles, in the midst of escalating global uncertainty and external pressures, is a prudent and timely measure aimed at protecting Sri Lanka’s fragile external sector and preserving scarce foreign exchange… pic.twitter.com/5VVVkr4L55
— M U M Ali Sabry (@alisabrypc) May 16, 2026