පින් කැටයත් ඩිජිටල් වෙයි - කතරගම සහ කිරිවෙහෙරට ආ අලුත්ම QR ක්‍රමය මෙන්න
By Aylin Zoya
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් Digital Road Map වැඩසටහන යටතේ රුහුණු කතරගම මහා දේවාලය සහ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා ඩිජිටල් ආධාර පද්ධතියක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව, Bank of Ceylon හි BOC Flex ඇප් හරහා QR කේතය ස්කෑන් කරමින් ආධාර පිරිනැමීමේ පහසුකම බැතිමතුන්ට ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම ඩිජිටල් පිං කැටය මඟින් බැතිමතුන්ට තම පරිත්‍යාග පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව සැලසෙන අතර, මුදල් පරිහරණය වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීම මෙහි අරමුණ බවද සඳහන් වේ.
මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා පැවැති උත්සවයට කිරිවෙහෙර රජ මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ වැඩම කර සිටි අතර, වයි. ඒ. ජයතිලක මහතා ඇතුළු බැංකු නිලධාරීන්ද සහභාගී වී ඇත.