භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Report

 භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව 43 හැවිරිදි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය ලබා දුන් බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිඳ, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.ඉන් අනතුරුව සැකකාර අඹුසැමි යුවළ නුවරඑළය පොලිසිය වෙත ඊයේ (24) දින භාර දෙනු ලැබූහ.

මේ අතර මෙම සිද්ධියට සහයෝගය දැක්වූ බව කියන කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඊට අනුබල දුන් ආරක්ෂක අංශ නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑලිය පොලිසියෙන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇත.  

එයා මගේ සහෝදරයා වුණත් එයාගේ මූණවත් බලන්න මම කැමති නෑ - එයා පොඩි කාලේ ඉදන්ම ඔහොම මිනිස්සුන්ව රවට්ටනවා - වෛද්‍යවරියගේ ආන්දෝලනාත්මක මරණයේ සැකකරු වෙස්වලාගෙන

එයා මගේ සහෝදරයා වුණත් එයාගේ මූණවත් බලන්න මම කැමති නෑ - එයා පොඩි කාලේ ඉදන්ම ඔහොම මිනිස්සුන්ව රවට්ටනවා - වෛද්‍යවරියගේ ආන්දෝලනාත්මක මරණයේ සැකකරු වෙස්වලාගෙන

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී