පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන.. පාර්ලිමේන්තුවේ දී නව රජයෙන් විශේෂ හෙළිදරව්වක් මෙන්න..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන්ට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 747ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බව ය.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණු ද එයට පරිබාහිරව විමර්ශනවල දී අනාවරණය වූ කරුණු ද පදනම් කරගනිමින් තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවති.
තවද, ඒ තුළින් අනාවරණය වූ කරුණු මත ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
එමෙන්ම, පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව කියා සිටි අමාත්‍යවරයා මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පැවසීය.
තවද, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වන විට හමුදා සාමාජිකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි.
You May Like This Video👇
.