නාකොටික් අත්අඩංගුවේ පසු වූ වෘත්තීය පුහුණු සේවකයාගේ මරණය ගැන බිරිඳ සත්‍ය හෙළි කරයි.දෙරණෙත් රෙදි ගැලවෙයි.(VIDEO)

CID - Sri Lanka Police
By Wayomi Jan 12, 2023 12:24 PM GMT
Wayomi

Wayomi

Report

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයෙක් වන සැකකරු පොඩි ලැසීගේ සමීපතමයෙකු බවට ඇති වූ සැකයක් මත අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එහිදී ඔහු පළායාමට උත්සාහ කිරීමේදී ඇති වූ පොරබැදීමකින් පසු මියගොස් ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මියගොස් පසු සැකකරුගේ සිරුර නාදුනන මළ සිරුරක් ලෙස රෝහලට බාර දී ඇති බවට මරණකරුගේ බිරිඳ චෝදනා කරනවා.

ඔහුගේ බිරිඳ, මාපියන් සහ ඥාතීන් ප්‍රකාශ කරන්නේ, නාකොටික් නිලධාරීන් විසින් ඔහුව නිකරුණේ ඝාතනය කර ඇති බවත්, සැකකරු මියගොස් ඇත්තේ, අමානුෂික පහර දීම් වලින් බවට වෛද්‍ය වාර්තා සඳහන් කරන බවත්ය.

තම ස්වාමියාගේ මරණයට සාධාරණය ඉල්ලමින් මියගිය 42 හැවිරිදි සමන්ත ප්‍රීතිකුමාරගේ බිරිඳ සහ ඥාතීන් අද මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කරනු ලැබුවා.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින් මරණකරුගේ බිරිඳ කියා සිටියේ, තම ස්වාමිපුරුෂයාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස දෙරණ ඇතුළු ප්‍රධාන මාධ්‍යජාලා තුළින් අසත්‍ය පුවතක් නිර්මාණය කර තම පවුලට උන්හිටි තැන් නැති කරන බවයි.

එමෙන්ම නාකොටික් නිලධාරීන් විසින් මෙම සිදුවීම අසත්‍ය පුවත් මවා වසන් කිරීමට උත්සහ දරන බවයි.  එහිදී ඇය වැඩිදුර කරුණු දැක්වූයේ මෙලෙසන්,