හොර නෝට්ටු සමග කාන්තාවක් අල්ලයි
මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත් වී තිබේ.
ඊයේ (14) සවස මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී රු. 5,000 මුදල් නෝට්ටු 10ක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබුවේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇයගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ රු. 5,000/- නෝට්ටු 25ක්, රු. 1,000/- නෝට්ටු 08ක්, රු. 100/- නෝට්ටු 0ක් සහ රු. 20/- නෝට්ටු 02ක් සොයා ගැනුණි.
මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.