අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් ආයුධ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

28 හැවිරිදි එම සැකකරු අද (17) පස්වරුවේ පොල්ගස්ඕවිටදී බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙන්නා අද අධිකරණයට - කරන්දෙණියේ සුද්දාගේ ඇතුළු නම් රැසක් වමාරයි

අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙන්නා අද අධිකරණයට - කරන්දෙණියේ සුද්දාගේ ඇතුළු නම් රැසක් වමාරයි

එමෙන්ම තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව අද (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පවසන පරිදි, නීතිඥවරයාගේ වාහනය ඇති ස්ථානය සම්බන්ධයෙන් ඔත්තු ලබාදී ඇත්තේද මෙම සහෝදරයින් දෙදෙනා බවය.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මෙම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේදීය.

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

නවගමුවවේ පදිංචිකරුවන්වන නදුන් කවීෂ සහ සනෝජ් කෝකිල යන ඔවුන් දෙදෙනා වයස අවුරුදු 20 සහ 24 වයස්වල පසුවන්නන් බව වාර්තා වේ. ‍ එම දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.