අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙන්නා අද අධිකරණයට - කරන්දෙණියේ සුද්දාගේ ඇතුළු නම් රැසක් වමාරයි

Report

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (17) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

එසේම අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් සීසීටීවී රූප රාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙයි. පසුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය දැක්වේ.

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර අනතුරුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බවද පොලිසිය පවසයි.

ඉකුත් සිකුරාදා පස්වරුවේ තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණේ රටම කම්පා කරමින්.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් පත්කළා.

එවැනි පසුබිමක වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන තරුණයන් දෙදෙනෙකු කොට්ටාවේදී ඊයේ (16) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කළා.

ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට

ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට

කෙසේ වෙතත් බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් බව සඳහන්.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ, කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි.

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි