උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන කතා කරන අධ්‍යාපන ඇමති..

Report

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන කතා කරන අධ්‍යාපන ඇමති.. | Susil Premajayantha Announsment

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ උපකාරක පන්ති සඳහා වැඩි වශයෙන් සිසුන් ගෙන්වා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් සහ ගුරුවරුන් විසින් විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යට එක් කරන්නේ දැයි යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

උසස් පෙළ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට නිකුත් වී ඇති බවට තහවුරු වූ කරුණු මත එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පසුගිය 10 වනදා කටයුතු කළේ ය.

ඒ අනුව මෙම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යට එක් කිරීමේ සිද්ධියට අදාළව අම්පාර ප්‍රදේශයේ පාසලක 52 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගැණින.

ඒලෙවල් පේපරේ ලීක් කළ රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරා අල්ලයි..!

ඒලෙවල් පේපරේ ලීක් කළ රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරා අල්ලයි..!


මේ අතර ඊයේ (15) මෙම සිද්ධියට අදාළව මොරටුව මහ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක රාජකාරි කළ කාර්යාල කාර්ය සහයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැණින.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

කෘෂි විද්‍යාව පේපරේ ලීක් කළාට තවත් පුද්ගලයෙක්ට වැඩ වැරදෙයි..

කෘෂි විද්‍යාව පේපරේ ලීක් කළාට තවත් පුද්ගලයෙක්ට වැඩ වැරදෙයි..


කෙසේ වෙතත්, සිද්ධියට අදාළව චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන කතා කරන අධ්‍යාපන ඇමති.. | Susil Premajayantha Announsment