කෘෂි විද්‍යාව පේපරේ ලීක් කළාට තවත් පුද්ගලයෙක්ට වැඩ වැරදෙයි..
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන කාර්යාල කාර්ය සහායකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.
කෙසේ වෙතත්, සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක විභාග ශාලාධිපතිවරයෙකුගේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වීය.
එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බවයි.
52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
සැකකාර ගුරුවරයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අයෙකු බවයි, වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 12 වනදා පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරු (13) වෙනිදා පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයත් පිට වී ඇති බව CID ය කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියා.
මීට පෙර ද මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය නිකුත් වූ බවට අනාවරණය වූ අතර පසුව එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත පැවැත්වීමට තීරණය කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
Sponsored By Sarrita Jewellery