කඩුගන්නාව ඛේදවාචකයෙන් පෙර පිනකට දිවි ගලවා ගත් කාන්තාව දැන් කියන කතාව
කඩුගන්නාව නායයාමෙන් බේරාගත් කාන්තාවක් පවසා ඇත්තේ නායයාමෙන් පසු පැය 3 ක් සුන්බුන් අතර ඇය සිරවී සිටි බවයි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාධ්‍ය විසින් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇය මේ බව සදහන් කළාය.
නායයාම සිදු වන අවස්ථාවේදී , ගසක් කඩා වැටෙන බව ඇයට සිතුන බවත් මෙයින් පසු, මම එතැනින් පැන යාමට උත්සාහ කළ විට සුන්බුන් අතරට හසු වුණ බව ඇය සදහන් කර තිබේ.
ඇයගේ එක් අතක් පමණක් චලනය කරන්න පුළුවන් වුණා බවත් , දුරකථනය ද නිරන්තරයෙන් නාද වුණ බවත් ඇයට පිළිතුරු දෙන්න නොහැකි වුණ බවත් සදහන් කර ඇත.
තව දුරටත් ඇය සදහන් කළේ
''මම කෑගහුවා මම ඇතුළේ කියලා ඒත් පිටතට ඇහෙන් නෑ. එළියෙ කතා කරනවා මට ඇහෙනවා . බැකෝ එකකින් කඩමු කියලා කියනවා මට ඇහුණා . බැකෝ කඩද්දි හිතුණේ මගෙ ඇගට වැටෙයි කියලා .ඊට පස්සේ, මගේ සැමියා සහ දරුවන් වාසනාවන්ත නම්, මම බේරෙයි කියලා මම හිතුවා. ''
ඇය නිට්ටඹුවේ කාන්තාවක් වන අතර දැනට කඩුගන්නාවේ ජීවත්වන කාන්තාවකි. . මේ වන විට රෝහල් ගත කර ප්‍රථිකාර ලබන පෙර පිනකින් බේරුණු ඇයට ඉක්මන් සුව.