කඩුගන්නාවේ නායයාමෙන් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට

Report

මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න, පහළ කඩුගන්නාවේ නිවසක් හා වෙළෙඳසලක් මත විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගිය අතර, තවත් හත්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාවනැල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතල නොවන අතර, ඔවුන් මාවනැල්ල මූලික රෝහලේ 07 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. නාය යෑම සිදුවූ අවස්ථාවේ උදෑසන ආහාර ගැනීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු අතර, හත් දෙනෙකු හෝටලයේ සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී ඇත.

රත්තරන් නිසා කිරිසප්පයෝ 23ක් බිලි වේ

රත්තරන් නිසා කිරිසප්පයෝ 23ක් බිලි වේ

වෙළෙඳසලේ හිමිකරු, හදිසි අවශ්‍යතාවක් සඳහා පිටතට පැමිණ සිටි බවද වාර්තා වී ඇත. මෙම හෝටලයේ හිමිකරු පුලන්දවේල් රගුනාදන් සසිදරන් (වයස 46) වන අතර, අනතුරෙන් ඔහුගේ පියා වන රාසලිංගම් කරුණාකරන් (66) සහ බිරිඳ නිශාන්තනී කරුණාකරන් (39) මියගොස් ඇත.

තුවාල ලැබූ මව ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ. වෙළෙඳසලේ හිමිකරු සහ ඔහුගේ දරුවන් දෙදෙනා දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.

පස් කන්ද යටව සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගිනි නිවන භටයන් ඇතුළු විශාල පිරිසක් පැය 20 ක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, එයට යටවී සිටි 13 දෙනෙකු සුවසැරිය ගිලන් රථ මඟින් රෝහල් කරා යැවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඔන්න ආයෙත් රන්මිල බිමට මේ පාර මගහැර ගන්න එපා

ඔන්න ආයෙත් රන්මිල බිමට මේ පාර මගහැර ගන්න එපා