ලෙඩ ඇඳේ ඉන්න නිසා හැමදාම නීතීඥ සහය ඕනේ නෑ ඒක සලේගේ මානසික විවේකයටත් හොඳ නෑ - එවපු ලියුම්වලට සලේගේ බිරිඳට ශානිගෙන් පිළිතුරු

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය හට මේ බව ලිඛිතව දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ සලේ මහතාට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට පිළිතුරු ලෙසයි.

මැයි මාසයේ මේ දීමනාව අද සිට තැපෑලට - අස්වැසුම අත්හිටුවා අයටත් කළ යුත්ත දන්වයි

මැයි මාසයේ මේ දීමනාව අද සිට තැපෑලට - අස්වැසුම අත්හිටුවා අයටත් කළ යුත්ත දන්වයි

එසේම එම ලිපිය මගින් CID අධ්‍යක්ෂකවරයා දන්වා ඇත්තේ සුරේෂ් සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි.

තවද එම ලිපියෙන් නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතරක බලපෑම් එල්ල විය හැකි බවත් අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියේ දිනකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් CID අධ්‍යක්ෂවරයා මනෝරි සලේ මහත්මියට දන්වා ඇත.

මේ වෛරසය කළින්ට වඩා දරුණුයි පැතිරීමේ අවදානමත් ඉහළට - මහජනතාවට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

මේ වෛරසය කළින්ට වඩා දරුණුයි පැතිරීමේ අවදානමත් ඉහළට - මහජනතාවට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

එබැවින් සලේ මහතාගේ නීතිඥවරයා වන අසිත් සිරිවර්ධන මහතාට සෑම බදාදා දිනකදී පමණක් සලේ මහතාව හමුවීමට ඉඩ ලබා දිය හැකි බවත් පවුලේ සාමාජිකයින් වන බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින් නීතිඥවරයාට හමුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් CID අධ්‍යක්ෂවරයා අදාළ ලිපියෙන් මනෝරි සලේ මහත්මියට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්