පාකිස්ථාන - නවසීලන්ත තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා
2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ පළමු තරගය ලෙසින් අද (21) පැවැත්වෙන පාකිස්ථාන - නවසීලන්ත තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.
අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00ට ආර්. ප්‍රේමදාස පිටියේදි ආරම්භ කිරීමට නියමිතව විය.
ඒ අනුව කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය තීරණය කරනු ලැබුවේ පළමුව පන්දුවට පහරදීමටයි.
නමුත් මේ වනවිටත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවෙමින් පවති.