කාසියේ වාසිය පාකිස්තානයට
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ, පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.
තරගයේ කාසිය ජයග්රහණය කළ පාකිස්තාන කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඉතිහාසය බැලූ විට, නවසීලන්තය සහ පාකිස්තානය මෙම විස්සයි විස්ස ලෝක කුසලාන තරග 7ක් පමණක් සටහන් කර ඇති අතර, එයින් නවසීලන්තය දෙවතාවක්, පාකිස්තානය පහවතාවක් ජයග්රහණය කර තිබේ.