මඩකළපුවටම සුබ ආරංචියක් - මේ සියලු ගැටලුවට කඩිනම් විසඳුම්

Report

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව දිගුකාලීනව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් කඩිනම් හා ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) දින පැවති අතර, එහිදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙහිදී විශේෂයෙන් මයිලත්තමඩු - මඩුවම් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

එසේම අමාත්‍යවරයා සඳහන් කළේ සාම්ප්‍රදායිකව කිරි ගොවීන් ගවයන්ට භාවිත කළ මෙම තණබිම් ආශ්‍රිතව වගා කටයුතු සිදුකිරීම නිසා ගැටලු මතුව ඇති බවයි.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

තවද එම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මට්ටමින් තීරණයක් ගෙන ඇති බවත්, අදාළ ප්‍රදේශය නිශ්චිත තණබිම් ප්‍රදේශයක් වශයෙන් නම් කර මහවැලි අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව මත ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින් කිරි ගොවීන්ගේ තණබිම් අවශ්‍යතාව තහවුරු කිරීමටත්, අනෙකුත් පාර්ශ්ව සඳහා මහවැලි ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, සියලු ජන කොටස්වල අයිතිවාසිකම් හා සුරක්ෂිතභාවය තහවුරු කරමින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීම රජයේ අරමුණ බව කියා සිටියා.

එසේම දිස්ත්‍රික්කය තුළ බලපත්‍ර රහිතව සිදුකෙරෙන වැලි, පස් හා බොරලු කැණීම් නිසා පරිසරයට සහ මහජනතාවට සිදුවන බලපෑම් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

අපි එකිනෙකා මරාගත යුතු නෑ රනිල් මහතාත් ඉතාම සුහදව කතාබහ කළා.. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ශක්තිමත් ගැහැනියක් - කළණ විවාහයෙන් පසු කට අරී

අපි එකිනෙකා මරාගත යුතු නෑ රනිල් මහතාත් ඉතාම සුහදව කතාබහ කළා.. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ශක්තිමත් ගැහැනියක් - කළණ විවාහයෙන් පසු කට අරී

තවද අමාත්‍යවරයා පැවසුවේ පොලිසිය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහයෝගයෙන් නීති විරෝධී කැණීම් මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවයි.

එසේම දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ නිලධාරීන් මුහුණ දෙන ප්‍රවාහන හා සම්පත් හිඟය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. නැගෙනහිර පළාත වෙනුවෙන් බෙදාදී ඇති මෝටර් බයිසිකල් අතරින් මඩකළපුව දිස්ත්‍රික්කයට ලැබී ඇති ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින්, අදාළ අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ