ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

Report

ඉන්ධන ප්‍රවාහන හා ටැංකි රථ හිමියන්ගේ සංගම් අනතුරු අඟවා සිටියේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ගෙවනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බැවින්, ඊට සාධාරණ විසඳුමක් කඩිනමින් ලබා නොදුනහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ලංකා ඉන්ධන ප්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක්, පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හමුවීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර ඇත.

ප්‍රවාහන ගාස්තු සංශෝධනය කර සාධාරණ මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා වසරක පමණ කාලයක සිට බලධාරීන් ලිඛිතව දැනුවත් කළ ද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව එහිදී අදහස් දැක්වූ ලංකා ඉන්ධන ප්‍රවාහන සංගමයේ උප සභාපති සඳහන් කළේය.

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්

සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්

වර්තමානය වන විට ත්‍රිරෝද රථයකින් ලබන ආදායම පවා ඉන්ධන බවුසරයකින් උපයා ගැනීමට නොහැකි මට්ටමට තත්ත්වය බරපතළ වී ඇති බවත්, ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති පසුබිමක එළැඹෙන සිකුරාදා සභාපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අතර අදහස් දැක්වූ සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පෙන්වා දුන්නේ, ඉන්ධන ප්‍රවාහන මිල සූත්‍රය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවස්ථා පහ හයකදීම සාකච්ඡා කළ ද ප්‍රතිඵලයක් නොලද බවයි.

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි

සිකුරාදා සාකච්ඡාවෙන් සාධාරණ තීන්දුවක් නොලැබුණහොත්, ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සියලු දෙනා එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් වහාම ඉවත් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.