හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා සැප්තැම්බර් 09 වැනි දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
පසුගිය 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් වෙනුවෙන් වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.