විශේෂ සෝදිසි මෙහෙයුමක් - අපරික්ෂාකාරී රිය ධාවනයට 104ක් අත්අඩංගුවට
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය අද (25) සිට සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
මෙම නව වෙබ් අඩවිය ඔස්සේ මාකුඹුර මධ්‍යස්ථානය ඇතුළු අනෙකුත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවලට අදාළ තොරතුරු, බස් රථ සහ දුම්රිය කාලසටහන් ඇතුළු මගී ජනතාවට අත්‍යවශ්‍ය තොරතුරු රැසක් පහසුවෙන් ලබාගත හැකිය.
මෙම වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ “MAKU” ලෙස නම් කර ඇති AI පදනම් කරගත් කෘතිම බුද්ධි මගී සහායකයෙකු ඇතුළත් කර තිබීමයි. එමගින් ඕනෑම මගියෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඉතා පහසුවෙන් සහ කඩිනමින් විමසා දැනගැනීමේ හැකියාව පවතී.
වෙබ් අඩවිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහි බස් පර්යන්ත සහ බස් රථ කළමනාකරණයට අදාළ නව පද්ධතිය ද නිරීක්ෂණය කළේය.
ඉදිරියේදී GPS තාක්ෂණය ඔස්සේ බස් රථ නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු, එම දත්ත ද මෙම පද්ධතියට සම්බන්ධ කර මගී සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, මගී ප්‍රවාහනයට අදාළ බස් රථ සංඛ්‍යාව, මගීන් ගණන, අධික තදබද පවතින වේලාවන් සහ බස් රථ පැමිණීමේ ප්‍රමාදයන් පිළිබඳ දත්ත ඇතුළත් විශේෂ දත්ත පද්ධතියක් ද මෙම වෙබ් අඩවියට අනුයුක්ත කර තිබේ.