රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම ගැන ආපදා කළමනාකරණයෙන් විශේෂ දැනුම්දීමක්
පෞද්ගලික ආයතනයකින් පරිසරයට නිකුත් වී ඇති රසායනික ද්‍රව්‍යය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඊයේ (24) සවස මේ පිළිබඳව තොරතුරු වාර්තා වූ වහාම අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ රසායනික ද්‍රව්‍යය විෂ රහිත එකක් බවයි.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ඇති වූ මෙම තත්ත්වය හමුයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබුණි.
ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව අදාළ තත්ත්වය සම්පූර්ණයෙන්ම නිරාකරණය කිරීමෙන් පසුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි රසායනාගාර පරීක්ෂණ සිදුකර ජලයේ ගුණාත්මකභාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව ජල සැපයුම නැවත බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. විසින් පොලීසිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.