95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

Report

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල නිරත ප්‍රධාන විදේශීය සමාගමක්, ඉකුත් දින කිහිපය පුරා ඔවුන්ට අයත් ඉන්ධනහල් වෙත 95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව පවතින මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමෙන් සිදුවන පාඩුව දරාගත නොහැකි වීම මෙම සැපයුම් සීමා කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසන බව සඳහන්.

එමෙන්ම කොළඹ ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් දිවයින පුරා ඉන්ධනහල් 160ක් පමණ පවත්වාගෙන යන මෙම සමාගම, ඉන්ධනහල් මඟින් ඉල්ලුම් කරන ප්‍රමාණයට ඩීසල් ලබා නොදෙන බවට ද චෝදනා එල්ල වන බව වාර්තා වේ.

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද මෙතෙක් සාර්ථක විසඳුමක් ලැබී නොමැති බව ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසන බව සඳහන්.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් වුවද අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යන බවත්, විදේශීය සමාගම් මෙසේ සැපයුම සීමා කිරීම නිසා සංස්ථාවට දැරීමට සිදුවන පාඩුව තවදුරටත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසා ඇත්තේ, සංස්ථාවට ලැබෙන ඉල්ලීම් අනුව සැපයුම් සිදු කළ ද පෞද්ගලික සමාගම්වල අභ්‍යන්තර තීරණ සම්බන්ධයෙන් මැදිහත් වීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

එමෙන්ම අදාළ විදේශීය සමාගම සමඟ ගිවිසුම්ගතව සිටින ඉන්ධනහල් හිමියන් මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව සිටින්නේ, පවතින නීතිමය ගිවිසුම් නිසා වෙනත් සමාගමකින් ඉන්ධන ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොමැති හෙයින් බව සඳහන්.

තවද නිසි ලෙස ඉන්ධන තොග නොලැබීම නිසා එම ඉන්ධනහල් පවත්වාගෙන යාම ද අර්බුදයකට ලක්ව ඇති බව පවසයි.

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි