සුරේෂ් සලේගේ රඳවා ගැනීම අභියෝගයට- සමාජ ක්‍රියාකාරීන් යුරෝපා සංගමයට

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත්, ඔහුගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අද (25) යුරෝපා සංගමයට මහජන අත්සන් සහිත පෙත්සමක් භාරදී තිබේ.

මෙම පෙත්සම මගින් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ගෙන ඇති රැඳවුම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින්, ඔහුගේ මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් මැදිහත් වන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත.

මෙහිදී අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරී අයිෂ්චර්ය ගුණරත්න අධිකාරී සඳහන් කළේ ජාත්‍යන්තර බලපෑම හමුවේ සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ තීරණය රජයට හකුළා ගැනීමට සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගවේෂණය යළි ඇරඹේ

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගවේෂණය යළි ඇරඹේ