ශ්‍රී ලංකාවේ මුළු ආර්ථික පද්ධතියම අනතුරේ - රුපියල නන්නත්තාර කරන රතු එළි රැසක් ගැන අනතුරු අඟවයි
පවතින කාලගුණ තත්ත්වය කෘෂිකර්මාන්තය හා සියලු කර්මාන්ත ක්ෂේත්‍රයන්ට බලපාන හෙයින් එය ප්‍රමුඛව මෙරට ආර්ථිකයට බලපාන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ පවතින එල්නිනෝ තත්ත්වය මෙරට ආර්ථිකයට කෙසේ බලපානවාද යන්න සම්බන්ධයෙන් අද (25) දින පැවති රූපවාහිනී වැඩසටහනට එක් වෙමින්.
එහිදී විශේෂයෙන්ම නියං තත්ත්වයක් ඇති වුවහොත් ජල විදුලියට බලපානු ලබන අතර එනම් තාපය මුසු ආකාරයෙන් ඉන්ධන ඔස්සේ විදුලිය නිෂ්පාදනය සිදුවුවහොත් ගල්අඟුරු සහ ඩීසල් ආනායනය කිරීමට සිදුවන හෙයින් එය රුපියලටද සෘජුවම බලපාන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම උතුරු නැගෙනහිර ශ්‍රම බලකායෙන් 25%ක් පමණ කෘෂිකර්මාන්තයට අදාළව සිටින අතර ඉන් ආර්ථීකයට සෘජුවම 8%ක් සම්බන්ධ වන බැවින් ඔස්සේ කෘෂිකර්මාන්තට දැඩි බලපෑමක් එල්ලවන බවද ප්‍රකාශ කළා.
එබැවින් ආහාර සුරක්ෂිතතාව යන කරුණ ගත්කළ ප්‍රමාණවත් තරම් සහල් අස්වැන්න නොලැබුණහොත් සහල් වැනි දෑ ආනයනය කිරීමට සිදුවන බවද ධනනාත් ප්‍රනාන්දු මහතා කියා සිටියා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ පවතින කාලගුණික තත්ත්වයෙන් කෘෂිකර්මාන්තට බලපෑමක් එල්ල වුවහොත් ආර්ථික වර්ධනයටද මෙය බලපාන අතර ඒ අනුක්‍රමයෙන් මුළු ආර්ථික පද්ධතියටම මෙය බලපාන බවයි.