Game of Thrones හි ජෝන් ස්නෝ හොග්වාර්ට්ස් යනවා- හැරී පොටර් මාලාවට අලුත් මහාචාර්යවරයෙක්
‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙස ලොව පුරා ජනප්‍රිය වූ කිට් හැරින්ටන්, HBO හි නව ‘හැරී පොටර්’ රූපවාහිනී කතා මාලාවට ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයෙන් එක්වීමට නියමිත බව HBO විසින් තහවුරු කර තිබේ.
කාලසටහන් ගැටලු හේතුවෙන් දෙවැනි කතා සමයේ රූගත කිරීම් සඳහා සහභාගී වීමට නොහැකි වූ නිකොලස් හෝල්ට් වෙනුවට හැරින්ටන් මෙම චරිතයට තෝරාගෙන ඇත.
හැරින්ටන් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාවේ වාර අටක් පුරා ජෝන් ස්නෝ ලෙස රඟපෑමෙන් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් අතර, BBC සහ HBO හි ‘Industry’ මූල්‍ය නාට්‍ය මාලාවට ද රංගනයෙන් දායක වී තිබේ.
ඒ අනුව නව ‘හැරී පොටර්’ කතා මාලාව HBO සමඟ ඔහුගේ තෙවැනි නිර්මාණාත්මක සහයෝගීතාව බවට පත්වනු ඇත. නව කතා මාලාවේ පළමු කතා සමය මේ වසරේ නත්තල් සමයේදී HBO Max ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර, දෙවැනි කතා සමය J.K. Rowlingගේ ‘Harry Potter and the Chamber of Secrets’ කෘතිය ඇසුරින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
Mr. Koththu හිමිකරු නිහඬතාව බිඳියි- "සැබෑ දක්ෂයෙක් වෙන්න නම් උපරිමයෙන් වැටෙන්න ඕනේ" වෙනස්ම කතාවක් එළියට
ගිල්ඩරෝයි ලොක්හාර්ට් යනු ‘Chamber of Secrets’ කතාවේ වැදගත් චරිතයක් වන අතර, හොග්වාර්ට්ස්හි අඳුරු කලාවන්ට එරෙහි ආරක්ෂාව පිළිබඳ නව මහාචාර්යවරයා ලෙස ඔහු කටයුතු කරයි. තම වීර ක්‍රියා පිළිබඳව අතිශය උදම් අනන ලොක්හාර්ට්, හැරීට උපදේශකයෙකු ලෙසද පෙනී සිටී.
නව ‘හැරී පොටර්’ කතා මාලාවේ හැරී පොටර් ලෙස ඩොමිනික් මැක්ලොෆ්ලින්, රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් සහ හර්මයනි ග්‍රේන්ජර් ලෙස ඇරබෙල්ලා ස්ටැන්ටන් රංගනයෙන් දායක වෙති.
ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ ජෝන් ලිත්ගෝ ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙසත්, නික් ෆ්‍රොස්ට් රූබියස් හැග්‍රිඩ් ලෙසත් රංගනයෙන් එක්ව සිටිති.
හැරින්ටන් ‘හැරී පොටර්’ රසිකයෙකු වන අතර, ඔහු මීට පෙර Audible සඳහා නිෂ්පාදනය කළ ‘Harry Potter: The Full-Cast Audio Editions’ හි ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයට හඬ ලබා දී තිබීම ද විශේෂත්වයකි. නව කතා මාලාව ඔහුට ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ සමඟ එක්ව කටයුතු කළ අධ්‍යක්ෂ සහ නිෂ්පාදක මාර්ක් මයිලොඩ් සමඟ නැවත එක්වීමටද අවස්ථාව සලසයි.
මයිලොඩ් නව ‘හැරී පොටර්’ කතා මාලාවේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරන අතර, J.K. Rowling ද එහි විධායක නිෂ්පාදකවරියක් ලෙස සම්බන්ධ වී සිටී. මීට පෙර වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට මාලාවේ ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතය රඟපෑවේ කෙනත් බ්‍රනාග් විසිනි. නිකොලස් හෝල්ට් මීට පෙර ලොක්හාර්ට්ගේ චරිතයට තෝරාගෙන තිබුණද, නිෂ්පාදන කාලසටමේ වෙනස්කම් හේතුවෙන් ඔහුගේ අනෙකුත් ව්‍යාපෘති සමඟ ඇති වූ ගැටලු නිසා එම චරිතයෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වේ.
HBO හි නව ‘හැරී පොටර්’ කතා මාලාව J.K. Rowlingගේ පොත් හතම ආවරණය වන පරිදි වාර කිහිපයකින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට වසර 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.