මීට පස්සේ පිටකොටුවට යන්න කළින් මේවත් දැනගන්න - අවනත නොවුණොත් නීතිය සැර වෙයි

Report

පිටකොටුව බස් නැවතුම්පොළේ බුලත් කෙළ ගැසීම, මුත්‍රා කිරීම ඇතුළු වැරදි සිදු කළ අය 1,029 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් නලින් වැවකුඹුර ප්‍රකාශ කරයි.

ඒ අනුව කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ එසේ හඳුනාගත් පිරිස ප්‍රජා සේවයේ යොදවා එම ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කළ බවයි.

එමෙන්ම ඇතැම් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද මෙසේ බුලත් කෙළ ගැසීම සහ මුත්‍රා කිරීම සිදු කරන බව සඳහන්.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

මේ අතර මහජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමට පිටකොටුව බස් නැවතුම්පොළේ CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර ඇත.

එබැවින් මෙසේ වැරදි කරන පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

ලංකාවේ රන් මිල ඉහලට - ලොකු ගාණකින් වැඩිවුණ රත්තරන් මෙන්න

ලංකාවේ රන් මිල ඉහලට - ලොකු ගාණකින් වැඩිවුණ රත්තරන් මෙන්න