මේ පුද්ගලයන්ට රාජ්‍ය සේවයට යන්න නවක පත්වීම් ලබා දෙයි
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අලුතින් බඳවාගත් නවක නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වා තිබේ.
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණි.
එහිදී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්, මනෝ සමාජීය නිලධාරීන් සහ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී තනතුරු සඳහා තෝරාගත් නවක නිලධාරීන් වෙත මෙලෙස නිල වශයෙන් පත්වීම් ලිපි භාරදීම සිදු විය.
පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මෙරට දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ළමා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් මෙම නවක නිලධාරීන්ගේ සේවය අතිශය තීරණාත්මක වනු ඇති බවයි.