සීනි මිල යළිත් ඉහළ යයි.. නව මිල ගණන් මෙන්න..

Sri Lanka Sugar price Janaka wakkubura
By Aruna Nov 03, 2021 12:54 AM GMT
Aruna

Aruna

Report

මෙතෙක් පැවති සීනි පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

සීන ආයනය කරුවන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පාරිභෝගිකයන්ට අවශ්‍ය සීනි හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙසයි.

මේ අනුව සීනි පාලන මිල ගැසට් අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික අධිකාරිය කියා සිටියි.

සුදු සීනි කිලෝවක් රුපියල් 122ක් හා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125ක් ලෙස පාලන මිලක් මෙතෙක් ක‍්‍රියාත්මක විය.

සීනි ආනයනකරුවන් පවසන්නේ සීනි කිලෝවක් රුපියල් 135-140ත් අතර මිලකට තොග මිලත් රුපියල් 150 සිමාවේ සිල්ලර මිල පවත්වා ගන්නා බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now