සංචරණ සීමා දීර්ඝ කිරීම පිළිබඳව රාජ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්(VIDEO)

covid19 isolated quarantine sudarshani Fernandofulle
By Sewvandhi Jun 09, 2021 12:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

අද (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කළාය.

කෙසේවෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරිය,

“ලොක්ඩවුන් කරාට ඊට කලින් කාලයේ දී විෂබීජ ඇතුළු වී ඇත්නම් දින 14ක කාලයක් පුරා එය බෝවීමට හැකියාව තිබෙනවා. ඒ රෝගීන් තමයි දැන් වාර්තාවෙන්නේ. තාම රට වහලා සති දෙකයි. තව සතියකින් විතර අපි බලමු තව ටිකක්.“ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now