හිටපු ඇමතිගේ සිර දඩුවම තහවුරු වෙයි..මෙන්න ලැබුණු අධිකරණ නියෝගය..!
Parliament of Sri Lanka
Sri Lanka Politician
Latest Headlines
By Sewvandhi
අභියාචනාධිකරණය විසින්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම තහවුරු කර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවට වරදකරු තිබුණි.
සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ,අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.