කිරි සිහිනයක් හිත දරන් ලොරි රථයට ගොඩවූ ඇය සිහිනෙකින්වත් මෙවන් විපතක් නොසිතන්නට ඇති..
By Piyumika
නතර කර තිබූ ලොරි රථයක සිටි ගැබිණි කාන්තාව එම රථයත් සමග මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20ක පමණ ප්රපාතයට පෙරලී තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ අද (05) දහවල් 12ට පමණ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ දික්ඔය මූලික රෝහල ආසන්නයේදීයි.
අනතුරින් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිණි කාන්තාව තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
ගැබිණි කාන්තාවගේ සායන කටයුතු සඳහා ඇයගේ සැමියා විසින් ලොරි රථයෙන් ඇයව රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, පසුව ඇයව නැවතත් ලොරි රථය වෙත ඇරලවා තිබෙනවා.
ඇය ලොරි රථයේ අසුන් ගැනීමත් සමග එම රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වී මෙසේ මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරලී ඇති බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ.