සිසුවෙක් තවත් සිසුවෙක්ගෙ ගෙල කපලා
Sri Lanka Police
Crime
Law and Order
School Children
Sinhala news
By Kaushi
අද (15) දින පුල්මුඩේ විදුහලක සිසුවෙක් එම පාසලේම තවත් සිසුවෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කළ බව පුල්මුඩේ පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන 11 ශ්‍රේණියේ සිසුවෙක්.
අඳාළ සිදුවීම පාසලේ වාර විභාගය අවසන් කර පාසලෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී සිදුව ඇත.
ඒ පාසලේ ප්‍රධාන දොරටුව අසල දීයි.
තුවාල ලැබූ සිසුවා පුල්මුඩේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ එහිදී ඔහුට ශල්‍ය කරමයක් සිදු කළ බවයි. ඒ අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹා ඇත.
