DIG බිරිඳ ඇතුළු පිරිස නිධන් හෑරීමේ සිද්ධිය ගැන වාර්තාවක් දෙන්නැයි නියෝගයක්

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 20, 2025 02:16 AM GMT
Shehan

Shehan

Report

අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසර කැණීම් සිදු කළ බවට සැකපිට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝග ලබා දුන් බවයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

කැණීම සිදු කළ, දේවාලයකට ආසන්න ගල් තලාවක් සහිත ඉඩම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ද යන්න පරීක්ෂා කර, ඒ සම්බන්ධ පුරාවිද්‍යා වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

සැකකරුවන් මුදා හරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව පවසන පුද්ගලයකු විසින් පොලිස් නිලධාරීන්ට දුරකථන ඔස්සේ බලපෑම් කර ඇත්ද යන්න සොයා ගැනීම සඳහා, සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා කඩිනමින් පොලීසියට ලබා දෙන ලෙස අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබිණි.

අධිකරණය හමුවට ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාගේ පෙර නියෝගයකට අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර ඇති බව ද වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ බව පවසන, වේයන්ගොඩ මල්වාන පදිංචි ඩී. ඒ. ඉන්ද්‍රානී කුමාරි දිසානායක ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සඳහන්ය. 

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න