දෙන්නත් එක්ක වෙසක් බලන්න ගිහින්, ජීවිතයෙනුත් එකටම සමුඅරන්

Matara Accident Death Srilanka Bus Sinhala news
By Kaushi May 15, 2025 08:40 AM GMT
Kaushi

Kaushi

Report

මාතර වෙසක් බලන්න ගිය යුවලක් ඉකුත් දා අනතුරට පත් ව ඇත.

ඒ මාතර පොලිස් වසමේ මාතර තංගල්ල වෙරළ මාර්ගයේදීයී.

මෙම අනතුර රාත්‍රී 7ට පමණ සිදු වී ඇති බව වාර්තා කරයි.

ඔන්න ආයෙත් ගෑස් නැති වෙන්න යන්නේ.....

ඔන්න ආයෙත් ගෑස් නැති වෙන්න යන්නේ.....

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වන මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 23 ක් වන මාතර වීරවිල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව සඳහන්.

ගමන් ගත් යතුරු පැදිය මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඒ යතුරු පැදිය ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයකට යට වීමෙන්.

ඉස්සරහට ලුණුයි බතුයි කන්නත් නැති වෙයි...

ඉස්සරහට ලුණුයි බතුයි කන්නත් නැති වෙයි...

අනතුරින් තුවාල ලැබූ යුවල මාතර රෝහලට ඇතුළත් කළ ද දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර පොලිසිය විසින් සිදු කරයි.

ReeCha