කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා පැමිණ තිබෙනවා.

ඔහුට කළ දැනුම්දීමක් මත මෙසේ අද (15) උදෑසන 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු පැමිණි බව සඳහන්.

ඉස්සරහට ලුණුයි බතුයි කන්නත් නැති වෙයි...

ඉස්සරහට ලුණුයි බතුයි කන්නත් නැති වෙයි...

මෙසේ තුසිත හල්ලොලුව මහතාට චෝදනා එල්ල වී තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉකුත් දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

ඒ ඔහු විසින් කළ එම ප්‍රකාශයේ ජනාධිපතිවරයාට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවටයි.

ඒ අනුව ඉකුත් 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලේ අදාළ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදුවිය හැකි බව සඳහන් විය.

සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

ඒ නිසා එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට ද එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසයි.