සමාජ මාධ්‍යයේ වයරල් වුන මල්වානේ වීඩියෝව ගැන සරසවි දියණිය කට අරියි
මේ වෙද්දී හැමෝම දන්න කතාවක්නේ මල්වානේ දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැදී ඉන්නවා කියන කියන එක.
ඉතිං මේ ගැන විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වුණ වීඩියෝවක් ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ප්‍රකාශයක් සිදු කර තිබේ .
ඇය සදහන් කරන්නේ මල්වානේ සිටින වීඩියෝවක් නොවන බවත් ඔවුන් අවසන් වසරේදී නාට්‍ය සදහා පසුතල නිර්මාණය කරන අතරතුර කරන ලද වීඩියෝවක් වන බවයි . තවද 2024 දී සිදු කරන ලද වීඩියෝවක් බවයි .
'' අපි අවසන් වසරේදී නාට්‍ය සදහා පසුතල නිර්මාණය කරන අතරතුර කරන ලද වීඩියෝවක් විශ්ව විද්‍යාලෙ යාළුවො ටිකක් මමත් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක කරපු වීඩියෝවක්. තරුණ ළමයින්ගේ වචනෙන් කියනවනම් කරපු ආතල් වැඩක් . අපි අන්තරේ නෙමෙයි . පේජ් ගොඩකින් ගහලා තියනවා . ඒකයි මම මේ වීඩියෝ එක කළේ. මේ වීඩියෝ එකේ ඉන්න මගේ යාලුවන්ට මුකුත් කියන්න එපා මොකද මමනේ මේ වීඩියෝ දැම්මේ. ''